ගාලු කොටුවේ ගල් බැමිමේgaalu kotuwee gal baemimee

Galu Kotuwe Gal

ගී පද

ගාලු කොටුවේ ගල් බැමිමේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරැංගලයක හැඩ බලා හිදින්න
පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න

ඈත එපිට ඉතිහාසෙන් ප් ‍රේම කතාවක් අරගෙන
ඒ කතාවේ රස මුසු තැන් කතා කරන්න
පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න

ගාලු කොටුවේ ගල් බැමිමේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරැංගලයක හැඩ බලා හිදින්න
පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න

හිරැ මුහුදේ ගිලෙනා විට රන් පැහැ මද අඳුරේ
අත් වැල් බැඳගෙන සෙවනැලි වගේ හිදින්න
පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න

ගාලු කොටුවේ ගල් බැමිමේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරැංගලයක හැඩ බලා හිදින්න
පාළු දැනේන හැන්දැවක ඔබ ලග ඉන්න