ගල්කිස්සේ මූදු වෙරළේgalkissee muudhu weralee

Galkisse Mudu Werale

ගී පද

ගල්කිස්සේ මූදු වෙරළේ - ඉරිදට ගිහිල්ල බලන්න

නාඹර ළමිස්සියන් හා සුදු කොල්ලන්
ඇඳගෙන කොට කලිසම් නටවයි කෙල්ලන්
අත්වැල් අල්ලා - මුහුදට පැනලා
නානව ඈත පීනලා

තැන තැන අළුත් ජෝඩු තුරුලෙ රැඳි රැඳී
පෙම් බස් දොඩවනවා හුළං වැඳ වැඳී
වයසක ජෝඩූ - වී තනි පාඩූ
ඔරවයි මේව බල බලා

පිස්සන් පණ්ඩිතයින් කලා කාරයෝ
වෙරළේ ඇවිදිනවා මාළු කාරයෝ
රැවුල් වවන්නෝ - කොණ්ඩෙ වවන්නෝ
බලව් මේ නරලොව හොල්මන්