ගල්කිරියා කන්දgalkiriyaa kandha

Galkiriya Kanda

සංගීතය:
නාලක අංජන කුමාරnaalaka anjana kumaara
පද රචනය:
නන්දසේන වන්නිනායකnandhaseena wanninaayaka

ගී පද

ගල්කිරියාකන්ද දිගේ 
හඳ පායා ගමට ඇවිත්
ඇහැටු වැවේ නිල් දියවර
මූණ සිඹිනවා
කෙකටියා මල් ලැජ්ජාවෙන්
අහක බලනවා

දිවුල් ගහත් සුදු ඇඳගෙන
සඳ එලියේ සැරසෙන කොට
පුසුඹේ බැරුවා හිත යට
කවි උපදිනවා
හීතල හුළඟේ නැගිලා
යන්න හිතෙනවා
 
දිය දෝතක් බොන්න නැමුණු
වැව් ඉවුරේ උණ පඳුරත්
සුදු මැණිකේ යලි එන තුරු
ඇඟිලි ගණිනවා
ඇයගේ රූසිරි බලන්න 
පෙරුම් පුරනවා

ගල්කිරියාකන්ද දිගේ....