ගලා යන ගගේ සඳ දියේ වැටීgalaa yana gagee sanda dhiyee waetii

Gala Yana Gage Deweni Inima

ගී පද

ගලා යන ගගේ සඳ දියේ වැටී
සුදු මුහුණ මැවි දිලේ..
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ
පාළුවයි ලං කලේ.. 

මද සුලං රැලි අතු අගින් වැදි
මොනවදෝ කියන්නෙ
ඒ සුලං රැලි සිසිලසින් ගැලි
හදවතට දැනෙන්නේ..
පාලුවත් සුන්දරයි
ආදරේ සුන්දරයි 

තරුකැට වටවී රාත් ‍රිය පුරා
සදේ තනි රකින්නෙ..
සදේ කවදදෝ සඳකැන් යාමේ
මා ලග සැතපෙන්නේ..
පාලුවත් සුන්දරයි 
ජීවිතෙ සුන්දරයි...

Artist රවීන් කනිෂ්ක