ගලා සුවඳgalaa suwanda

Gala Suwanda

ගී පද

ගලා සුවඳ රස අඳුන් - රස අඳුන්
කාලා සුවඳ රස බොජුන් - රස බොජුන්
බීලා මිහිරි මී විතින්
ජීවිතේ පෙවී යාවි මේ ලෙසින්.....

මල් පිපී සතර දිගන්තේ 
රොන් සලා නැගෙන වසන්තේ
ඇල් පවන් ඒ හමා 
සිත් සතන් ගිමන් නිවා.....

රත් දොතොල් නුරා පිපී 
රන් අඳුන් සිනා සිසී
ජිවිතේ අරුත ඇයි කියා 
නිල් ඇසින් මහත් බැලුම් නැගේ.....