ගී පද
(ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා
සිංහබා... සිංහබා... සිංහබා...)..//
මා සොඳුර...///
සිංහ සීවලී මා ප්‍රිය දියණිය
ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා
ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කලෙමි
(සිංහබා)...///
ලෙන තුල නොවෙති පෙරලා නොඑති..//
මම දැන ගතිමි මම සැක කලෙමි..//
(සුරතල් දියණිය මොලකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය)..//
(කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය
වනයේ දුකක් වීද අසන්නිය සොයන්නිය)..//
ඈත් ගොසින්ය ඈත් ගොසින්ය
(ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ)..//
(සොහොයුරා නම් ඔල මොල ගති ඇත
නුඹ මෙන් මෘදු නැත)..//
(ඔහුගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී)...//