ගී පද
මත්තල නිල්ලම සිව්හෙළ නාමය ගෙන යයි දියත පුරා
අභීත යුගයක තේජස පාමින හෙළදිව නැවුම් වෙලා
මේ රට තේජස පා ජාතිය විකුමන් පාවී සදා
කුරහන් කුසුම විදා ගුවන පුරා.....
ගගනේ සිංහ සේනා නගනා සිංහ ඝෝෂා
හෙළයේ ගුවන පීරා දිලෙනා ලෙලෙනා
නිම්නේ නාද පානා රුහුනේ යාය පීරා
රැස් වී දෑත ගාවා සැවොමා පෙමිනා.....
මතු පරපුරකට ඔද තෙද පානට ගුවනින් දිවිය පුරා
ඇරඹුම සවිබල ගැන්වෙන දා අද සිහ ධජ පවන් සලා
ආශිර්වාද නගා මේ ලක උදම් වෙනා
කුරහන් කුසුම විදා ගුවන පුරා.....
ගගනේ සිංහ සේනා.....//