ගඟක් සේ ඔබ ගලා ඒ නම්gangak see oba galaa ee nam

Gagak Se Oba Gala Ee Nam

ගී පද

ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්
මලක් ඔබ පෙති සලයි නම්
පවන් රළ වී ඔබව සිපගන්නම්

පලා පැහැයෙන් දිදුල කඳුවලියේ 
අතුල පිනි මතු වේ //
සඳත් සේ මා ඔබට දැල්වෙන්නම් 
ඔබේ කඳුලැලි පෙමින් පිසලන්නම්

ගඟක් සේ ඔබ ....

දෑස රවටන මිරිඟු දිය තලයේ
වැටෙව උණු කඳුලේ //
අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්
මිරිඟු දිය මැඩ කෙන් බිමක් වෙන්නම්

ගඟක් සේ ඔබ ගලා ඒ නම්
මුව දොරක් වී ඔබව හමුවන්නම්