ෆාතිමා (අතකින් අතකට පැටලී)faathimaa (athakin athakata paetalii)

Fathima (Athakin Athakata Patali)

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

අතකින් අතකට පැටලී ඔබ සිල් අරගත්තට මුලදී
බොරුවක් වහන්න පහු වී බොරු දාහක් කියන්න වේවී
එක හිතක් නැති ඔබ ළඟින් රැඳි
ගත කෙරූ හැටි සිහිනයක් වැනි මිහිරි...

(තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//)
ෆාතිමා...

හිතකි ලංව රිදුමන් කෙරෙන දෙගුණ පැටලී තිබෙනා අවුල
විසඳගන්න කාලයට බාරදෙමු අපි එකඟවෙලා
ඔබ හට ආදරේ කළ වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිඳලා
මතකේ ඉන්නවා ඔබ ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා...

(තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//)
ෆාතිමා...

මිරිඟුවක් වෙලා වත් ඔබව නැවත පෙනෙනවා නම් දිනෙක
කියන තැනක දිව්රන්නම් එය වාසනාවක් සදා
ඔබ හට ආදරේ කළ වරදින් හෙට මැරිලා ගියත් ගෙල සිඳලා
මතකේ ඉන්නවා ඔබ ඉහලින් මතු සංසාරයේ උපදින තුරු මා...

(තනිකම මා කෙරේ පුරෝපූ හැමවිට ආදරේ කරාපූ
ඔබ මතු ආත්මයේ මගේ වේවා ෆාතිමා...//)
ෆාතිමා...