ඈත දුර උන් ඔයාaetha dhura un oyaa

Etha Dura Un Oya

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
අමල් ලියනගේamal liyanagee

ගී පද

ඈත දුර උන් ඔයා මේ තරම් ළං වෙලා
හීනයක්දෝ කියා මා සිතත් කැළඹිලා
නෙතුවත් අදහන්නෑ දැන් ඔබ මා ළඟයි කියා
ආදරියේ........

ඔබෙ ඔය දෙතොල් සොඳුරුයි කියා 
සිප ගත්තේ මා අද සිතින්
ඔය රිදෙන්නේ නෑ මගේමයි ඔයා
ආදරේ පේන තරම් නෙතුවත් අදහන්නෑ 
දැන් ඔබ මා ළඟයි කියා 
ආදරියේ........

සිහිනය වෙලා බොඳ වනු එපා
සුන්දරයි මේ ආදරේ 
හීනයක් වෙලා ගියෝතින් ඔයා
කඳුලක් ජීවිතේ නෙතුවත් අදහන්නෑ 
දැන් ඔබ මා ළඟයි කියා 
ආදරියේ........

ඈත දුර උන් ඔයා......./