එරබදුත් පිපී තුරු මතerabadhuth pipii thuru matha

Erabaduth Pipi Thuru Matha

ගී පද

(එරබදුත් පිපී තුරු මත ලස්සනයි බැලූ බැලූ අත......//)
අම්මලා උදේ ඉඳලාම පාර බලනවා 
අයියගේ හිනා හඬ ළඟ ළඟම ඇහෙනවා
බක්මහේ කොහා සුමියුරු ගීත ගයනවා
ගම පුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා......

ගෙන්දගම් පොළොව අතහැර මා ඉතින් කොහොම එන්නද
ගම් දොරේ තියෙන අවුරුදු කොහෙද සෙයිලමේ
කෙළි දෙලෙන් ගෙවූ කාලය පුංචි සන්ධියේ
හීනයක් වගේ හිත පිරිමදියි නංගියේ.......

ගමේ ගොඩේ කිරි හිනා නංවයි
පුංචි පැංචියෝ වට වෙවී
නංගීයේ හීනෙන් වගේ මට 
ඇහෙනවා ඔංචිලි කවි.......

එරබදුත් පිපී......
ගෙන්දගම් පොළොව......

ඔබ නැතොත් අවුරුද්ද දවසට 
මොටද අපි කිරිබත් උයා
එවනු මැන කිරිබත් සුවඳ මට
සුළං රැල්ලක දවටලා......

එරබදුත් පිපී......
ගෙන්දගම් පොළොව......