එරබදු යායට රහස් කියනවාerabadhu yaayata rahas kiyanawaa

Erabadu Yayata Rahas Kiyanawa

ගී පද

එරබදු යායට රහස් කියනවා රහස් කියනවා
රහස් කියනවා.......
එරබදු යායට රහස් කියනවා
රන්වන් රන් හිරු කිරණ ගලනවා
මල් මාසේ අවුරුදු මංගල්ලෙට
අවුරුදු කුමරිට මග සැරසෙනවා........

(කොහෝ කොහෝ......//)
ගම්මැද්දේ අවුරුද්දේ මංගල්ලේ
සූරිය මංගල්ලේ.......

දොරින් දොරට ගම කැවුම් බැදෙනකොට
සුවඳින් ගම පිරුණා
තුරින් තුරට මල් පල බර වෙනකොට
කොවුල් නදින් ආසිරි ගැයුණා
ආසිරි ගැයුණා........

කොහෝ කොහෝ......

වෙල් ඉපනැල්ලට හිරු රැස් වැටිලා
ඔංචිලි වාරම් හඬ ඇසුණා
කදින් කද බැදන් නෑගම් යන්නට
ගෙයින් ගෙයට කිරිබත් ඉදුණා
කිරිබත් ඉදුණා.......

කොහෝ කොහෝ......