එරබදු මල් පිපිලා erabadhu mal pipilaa

Erabadu Mal Pipila

ගී පද

එරබදු මල් පිපිලා 
දැක්කම හරි ආසයි 
යලි අවුරුදු ඇවිදින් 
රටටම සිරියාවයි//

කොහෝ හඬින් අවදි කරන 
සිංහල අවුරුද්දේ 
රබන් සුරල් හඬ පරදයි 
රතිඤ්ඤා වෙඩි සද්දේ//

එරබදු මල්...//

සුභ නැකතින් කිරි උතුරා 
සතුටු සිනා මැද්දේ 
අපිත් ගයමු මල්වාරම් 
නැග රන් ඔන්චිල්ලේ// 

එරබදු මල්...//