එන්න එළියට සොඳුර දැන්enna eliyata sondura dhaen

Enna Eliyata Sondura Dan

ගී පද

එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි බලන්නට
(එන්න සොඳුරිය දොර ඇරන්...//)

වැව් කුමුදු මල් දිය මත හිඳන්
පුර හඳට ළං වී සීරුවෙන්
නිල් සළු ඇඳන් වැව රැළි නඟයි
රෑ කුමාරියට බැඳි ප්‍රේමයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්....

එන්න එළියට ....

සීතල සුළං සී පද කියයි
වැව් ඉවුර මත මදහාසයෙන්
තුරුලිය සෙමෙන් කෙහෙරැළි කඩයි
මිදුම් යහන අනුරාගයෙන්
ඔබ විතරමයි අඩු මේ රැයට
දැන් එන්න එළියට දොර ඇරන්....

එන්න එළියට ....