එනකල් බලන් වෙනදා වගේenakal balan wenadhaa wagee

Enakal Balan Wenada Wage

ගී පද

එනකල් බලන් වෙනදා වගේ 
මා හිඳින බැව් තනිවී ලොවේ
ඔබ දන්නේ නෑ කියා මම දන්නවා
මගේ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා 
රැකගත්තේ මා ඔබෙයි සිතා
බොරු වැරදි කෝටියක් මවා 
සමුගත්තේ මා නොවෙයි ඔයා....

සඳක උපමා රැඳුන පෙරදා 
අපි අපිට නැතිව බෑ හැම යාමේ
ළඟක ඉඳලා හිතට දැනෙනා 
ඔබෙ වෙනස තේරුණත් මට බෝ සේ
මගේ ජීවිතේ ඔබයි කියා 
ඔබ දන්නවාද දන්නේ නෑ......

නෙතට ගැටෙනා සැවොම පරදා 
මම ඔබට ආදරෙයි පෙර වාගේ
ලොවම කියනා වචන නොඅසා 
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ
මොන දේ කළත් හිතාමතා 
මට ඔබව නොලැබ ඉන්න බෑ.....

එනකල් බලන් වෙනදා වගේ ....