ගී පද
එන නිවාඩුවට ගමට යමුද අම්මේ තාත්තේ
පොත පතේ තියෙන ගමට යමුද අම්මේ තාත්තේ
කජු පුහුලන් කන්න ඇල දොලර නාන්න.....
ඔන්න ඔට්ටුයි කියන් වෙල් යාය දිගේ පිම්මේ දුව යන්න
වැල වරකා කඩන් ගම්මිරිස් දමන් රස කර කර කන්න
රස කර කර කන්න.....
පන් පැදුරේ ඉඳන් සීයා ආච්චි අතින් හබුන් කටක් කන්න
හබුන් කටක් කන්න
සීයා වටේ ඉඳන් හොඳට තියන් කතා අහන් ඉන්න
කතා අහන් ඉන්න.....
එන නිවාඩුවට....