එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේena chhandheta man illantayi hithaana innee

Ena Chandeta Man

ගී පද

එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරමං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

මගේ පැළට උඩින් තව ගෙපොළක් කපන්ට ඉන්නේ
එහි සත් මහලක් හදනවමයි නෑ නවතින්නේ
මැති ඇමති අඹුන් ටික නුඹ හා කදේ වැටෙන්නේ
මුතු මාල පබළු උජාරුවට දිස්නෙ වදින්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

එන ඡන්දෙට මං.../

හැම නිවාඩුවක් අල්ලල ඒරොප්පෙට යන්නෙ
නුඹ කියනවනං ඒරොප්පෙත් පැලක් හදන්නෙ
අපෙ පැටවු නිකං මෙහි ඉඳවල අකුරු කරන්නෙ
මල ඉලව් නුඹේ මනාපෙමයි පරහට ඉන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ

එන ඡන්දෙට මං ඉල්ලන්ටයි හිතාන ඉන්නේ
මට මනාපනං ඕනතරං නෑ පරදින්නේ
එක මනාපයක් නැතිව තමයි මං ළතවෙන්නේ
අනෙ ජේන් නගේ...
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ
අනෙ ජේන් නගේ නුඹෙ මනාපෙ කාටද දෙන්නේ
අනෙ ජේන් නගේ...