එක්කළේ දෛවයයිekkalee dhaiwayayi

Ekkale Daiwayai

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
සත්සර කසුන් පතිරණsathsara kasun pathirana

ගී පද

එක්කළේ දෛවයයි නොපැතූ සේ පෙරදා 
නොලැබුමයි දෑඟිලෙන් බැඳෙන්නට කිසිදා
හමුවෙලා නැතේ පෙර ආත්මයේ ඔබ තරම් කිසිවෙක්
වෙන් වුණා නොවෙයි වෙන් කළා වගෙයි ඔබ මගේ දිවියෙන්...

තප්පරයක් ගානේම හිත හෙල්ලුවේ ඔයා
උහුලනු බැරි දුක හංගන් ඉහිලුවා සදා
මා සොයා එනවා නම් ඉන්නවා දුක දරා
තේරුණොත් මතු දිනේ මාගේ වේවි ඔයා...

එක්කළේ දෛවයයි නොපැතූ සේ පෙරදා 
නොලැබුමයි දෑඟිලෙන් බැඳෙන්නට කිසිදා...

නොලැබෙන ඔබ ගැන හිත හිත ගෙවෙනවා දිනත්
ආයෙත් ලොව දැකගන්නට ලැබේවිද වරක්
මා සොයා එනවා නම් ඉන්නවා දුක දරා
තේරුණොත් මතු දිනේ මාගේ වේවි ඔයා...

එක්කළේ දෛවයයි...