එකට ඉඳිල්ලාekata indillaa

Ekata Hidilla (Ekata Indilla)

සංගීතය:
දිනේෂ් දිසානායකdhineesh dhisaanaayaka
පද රචනය:
රෙඩ්red

ගී පද

එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා
එකා වගේ එකට ඉඳලා දියුණු වෙයල්ලා
ජාති භේද කුල මල නම් අපිට වැඩක් නෑ
සැපට ඉන්න අපි කව්රුත් නොමැරී ඉන්නේ නෑ
එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා
එක අම්මගේ දරුවෝ වගේ රැලට වරෙල්ලා....

රුපියල් සත සත පහකට ගණන් ගන්නේ නෑ
කොයි කාගෙත් දුකේ සැපේදී අත්හරින්නේ නෑ
නොකා නොබී කවදත් අපි ඉතුරු කරලා නෑ
අනුන්ගේ දේ කාලා බීලා අපිට පුරුදු නෑ
එකට ඉඳිල්ලා මල්ලියේ සැපක් ගනිල්ලා
එක අම්මගේ දරුවෝ වගේ රැලට වරෙල්ලා....

පදමට ගැහුවත් මල්ලියේ නෑ වවුලෝ වෙන්නේ
මනුස්සකම දුටු තැනදී අපි සැලුට් ගහන්නේ
අයුක්තියට කවදත් අපි හිස නමන්නේ නෑ
හොඳට හොඳයි නරකට අපි ඉවසන්නෙත් නෑ....

එකට ඉඳිල්ලා මල්ලියේ....