එකමත් එක දවසක (මතකේ අතුරාදී)ekamath eka dhawasaka (mathakee athuraadhii)

Ekamath Eka Dawasaka (Mathake Athuradi)

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
දුමින්ද අලහෙන්ද්‍රdhumindha alahendhra

ගී පද

(මතකේ අතුරාදී ගමනේ ගිමන් යොවුන් 
සරණා සිහිනේ වී මෙතුවක් ඒ දා නැවුම්...//)

ඒ දෑසේ තිබූ කතා ඈ මාගේ සිත වශී කළා 
එකමත් එක දවසක සතුටින් උන්නා 
(පණමෙන් වටීවි අතීතේ කතා...//)

සඳ රැස් ගැලූ රෑ සබඳතා පිනා දී 
විලේ මල් නෙළුම් මා නෙලා තරු ඇස් සිනා සී  
නිහඬතා කියාවී රැයේ ඇස් වලාවෙන් වසා
ඒ දෑසේ තිබූ කතා.... 

තුරු වැල් ලැඟුම් දී නොදොඩා ගයයි ගී 
හමනා පවන් වැල් ඔතා කඳුලක් නොදුන් පෙම් 
විසඳයි හැඟුම් දැන් සියුම් තැන් සිතේ නෑ රිද්දා
ඒ දෑසේ තිබූ කතා....
පණමෙන් වටීවි අතීතේ කතා