ගී පද

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
සෙනේ දියෙන් මීවිත පිරවෙන්නයි
(මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි...//)

වැලේ පිපුණු මල නොවේ වැලට බර
බිඟුන් සරාවී බැලුම් හෙලා
(හිතේ රැඳුනු පෙම නොමදෙන් රටකට...//)
(මගේ ලොවින් පිට නොයන් පලා...//)

එකම මගක පියවර මැන යන්නයි....

මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවී හැඟුම් මවා
(ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ...//)
(කුසුම් පිපේවා පවන් සලා...//)

එකම මගක පියවර මැන යන්නයි....
(මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි...//)