එකම එක වරක්වත් ආදරේ කියන්නekama eka warakwath aadharee kiyanna

Ekama Eka Warakwath

ගී පද

එකම එක වරක්වත් ආදරේ කියන්න 
රුහුනු දුම්රියෙන් අද රෑ ගම රට එන්න 
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න 
හිත පිරෙන්නෙ නෑ කුමරුනි ඔබ ලඟ ඉන්න 

හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ 
සුදු වැල්ලයි මුදු වෙරලයි තනියට ඉන්නේ
වැටකෙයියා මල් සිඹගෙන පෙම් නල ගුවනේ
පාවෙන සුලඟට දැනුනා ඔබ නැති අරුමේ

නිදි නැති රෑ යහන පුරා හීනෙන් තනිවී
ඔබ යන එන මග බල බල සිත තනි රකිමී
හෙට හිමිදිරියෙම කියන්න තුරුලේ නැලවී
හුරතල් පෙම් බස් බොහොමයි දෙතොලඟ සිරවී