එක වසන්තයක එක රාත්‍රියකeka wasanthayaka eka raathriyaka

Eka Wasanthayaka

ගී පද

එක වසන්තයක එක රාත් ‍රියක
දැනුනා මතකයි මට ඉබේම වාගේ ඔබෙ සුවද
එක හුස්මක්වත් ගන්නට ඉඩ නැති තරමට
දැනුනා.... විතරක් මතකයි...
හද ලුහුබැද ඉව කරනා
පෙර සසරක සුපුරුදු සුවද...
ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
ඔබමද ඒ සොදුර

මේ වසන්තයේ හමුවෙන සුලග සමග
සසැදී පැහෙන්නට හිතයි මට....
ඔබෙ සුවද සමග මුසු වනු පිණිස
මගෙ සුසුමක් තියන්නද......
සිහිවනු පිණිස...... සොදුර....

මේ වසන්තයෙම ගතවී යන්නට පෙර
තුරුලේ ඇහිරෙන්නට පතමි මම.....
ඔබෙ සිතැගි වලට මුසු වනු පිණිස
මගෙ හැගුමක් තියන්නද...
ගිවිසනු පිණිස.... සොදුර