ගී පද
එක වරක් ඔබට මා
එපා නම්.....
සිය දහස් වාරයක්
එපා මට ඔබ එපා....
මම මගේ පාඩුවේ
අඬ අඬා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුල පළදින්න..//
එක වරක්.../
ඔබේ හද පහුරු ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න...//
එක වරක්...//