එක රැයකට නුඹ මගේ කරගෙනeka raeyakata numba magee karagena

Eka Reyakata Nuba Mage Karagena

ගී පද

එක රැයකට නුඹ මගේ කරගෙන 
කාසි වලට මං කොහොම මනින්නද 
නුඹව හඬවන නුඹව රිද්දන 
එහෙම දේවල් නෑ හිතේ මගේ..

කරකාර බැඳගෙන මගේ කරගෙන 
නුඹ සිරකරගෙන හීන මවන්නට 
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට 
එහෙම දේවල් නෑ හිතේ මගේ..

අයිතිවාසිකම් නැති නිවහල් වූ
සෙනෙහස ගලනා මනසක් ඇති වූ
මිනිසුන් ඉන්නා පොළොවක් නම් මෙය 
කාසිවලට නුඹ දෙන්නේ කොහොමද 
ආදරෙ කියලා හිත පිළිගන්නට 
නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද
තන්හා ආශා නුඹ ගැන මොකටද 
එහෙම දේවල් නෑ හිතේ මගේ...