ගී පද

එක මග යන සොහොයුරන් වෙමු අපි ජීවිතේ
පැතිරුනු අඳුරේ දෙපයින් යන්නෝ
සසලවු සුලඟේ රැය දිවයන යාමයේ
උහුලනු බෑ පාළුයී
කෝ..ඕ..ඕ.. ලඳුන්//
ඉඳහිට එන මගියෙක් විමසයි යම් තැනක්
දන්නෙමි එය ගැන යමි ඔහු මම කෙටි දුරක්
ආපසු එන ගමනේ සෙබළුන් මුරදිදී
විමසයි මගේ ජාතිය රළුබසින් රළු බසින්
ලල්ලල්ලල්ලල් ලලල්ලලා...////

පියපත් විදහා යමි මම දැන් නිදහසේ
මුහුදක් සේ ගැඹුරුයි මට දැන් ජීවිතේ
පියපත් නැති කවුරුද එන්නේ මාවතේ
කඳුලක් ගෙන දෝතට දෙන්නෙම් හදවතේ...

අළුයම සිහිලැල්... කඳුලින්
නෙත් තෙමා හිමසුනු අතරේ ඒ මාවත දිස්වේ
පැහැබර කල මැන ඒ ලොව දෙතොලින්
ගීයක් පුදදෙමි ඔබ වෙනුවෙන්...