එක කිරුළක් (සුලෝචනා)eka kirulak (suloochanaa)

Eka Kirulak (Sulochana)

ගී පද

එක කිරුළක් පළදින්නට බෑ 
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා අප දෙදෙනාටම 
එක රජ දහනක රජ කරන්ට බෑ.....

මගේ කඳුල ඔබගේ දෙතොලේ 
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලොචනා දුක නොහඳුනනා 
ඔබ මේ ගැන තව ලත විය යුතු නෑ.....

එක කිරුළක්......

ආදරයක් වෙනුවෙන් දෙන්නා 
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම 
එක හදවතකට පෙම් කරන්ට බෑ.....

එක කිරුළක්......

කිරුළ සිහසුනයි රජ දහනයි 
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම 
එක හදවතකට පෙම් කරන්ට බෑ.....

එක කිරුළක්......
(සුලෝචනා අප දෙදෙනාටම 
එක රජ දහනක රජ කරන්ට බෑ).....//