එක හුස්මකeka husmaka

Eka Husmaka

සංගීතය:
තිසර බණ්ඩාරthisara bandaara
පද රචනය:
තිසර බණ්ඩාරthisara bandaara

ගී පද

එක හුස්මක උණුහුම ලබන්න මගෙ දෙකොපුල් අයදිනවා
ඔබෙ නළලත සිප සනසන්නට දෙතොළත අද ලතැවෙනවා
පපුතුරේ සැනහෙන්නට ඔබ ඈත හිඳන් මඟ බැලුවට
මගෙ සුරංගනාවිය අහන්න අප දෙදෙනා මිහිකත දෙතැනක
එක හුස්මක උණුහුම ලබන්න.....

ඔය හඬ සවනත රැව් දුන්නද නුඹ ඈතයි දන්නවා
නිල් දෙනෙතේ කැලුමන් තිබුනද කඳුලැල් එය පරදනවා
පෙරදාක සොඳුරු මතකය සිහි කරමින් නුඹ අද හැඬුවට
මගෙ සුරංගනාවිය අහන්න හුස්මත් නුඹෙ හදවත තුල
එක මොහොතක සඳ දැකගන්නට.....

සඳ කැන් විහිදී මුළු අහසෙම තනි තරුවද හිනැහෙනවා
කෙහෙරැල් සිපගනිමින් මදනල නුඹෙ සුවඳ අරන් එනවා
නෙතු කඳුළැලි පිසදා සනසන දුක් ඝනඳුරු පරදන සඳවත
මගෙ ජීවිත පද වැල අමුණන ආදරයේ සංගීතය.....

එක හුස්මක.....