ගී පද
එක හිතකින් පිදු සෙනෙහේ මදි වුණාදෝ මා
සුභ නැකතින් ඔබ ඔහු හා නොඑන ලෙස ගිය දිනේ
මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත්
හොඳින් ඉන්න සදා.....
දුකයි සැපයි තුටින් බෙදන් මා ළඟින් රැඳුන යුගයේ
වළාකුලක් ලෙසින් ඇවිත් උදුරාලා මාගේ දෑස මානේ
මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත්
හොඳින් ඉන්න සදා.....
මගේ ළගින් පලා ගිහින් අයිති කරගත්ත සෙනෙහේ
ලසෝතැවුල් ලැබෙන්නෙපා සුභ පැතුම් පිළිගන්න මාගේ
මාව අමතක කළේ කොහොමදෝ කියලා දෙනවද මටත්
හොඳින් ඉන්න සදා.....
එක හිතකින්.....