එක ගෙයි කෑමeka geyi kaema

Eka Gei Kema

සංගීතය:
ලසන්ත රත්නායකlasantha rathnaayaka
පද රචනය:
විජයපාල කුමාරසිංහwijayapaala kumaarasinha

ගී පද

ඔන්න බොලන් එක ගෙයි කන්ට කියන්
ලස්සන පින්න මලක් ගෙදරට එන්න ඇවිත්
ගෙයි පිළිකන්නේ ඉඳන් මං ගෙට එන්ට කලින්
අයියණ්ඩිගේ තෝනම මුව අං කොක්කේ ලැගන්
දෙයියන්ටදෝ කියන්නේ මේ අවනඩුව ඉතින්......

අයියණ්ඩිගේ හේනට තුන්පත් රැළ එනකොට
බත්මුල අතට ගනින් පැල්මුරයට පලයන්
ගිඩි ගිඩි ගාන පපුව ඩිංගක් හති ඇරපං
මිදුලට පායපු හඳ ගෙයි දොරකඩට වරෙං......

දෙන්නගේ උරුම කෙනා ඩිංගක් හිනා වුණා
තුන්යම සීතලකින් යටි හිත සසල වුණා
ඉඟි බිඟි මුකුළු කතා කෝමල දෑස පපා
මං ළඟ විතරක් නුඹ දැවටීයන් හිතුණා......

ඔන්න බොලන් එක........