ඒක දිග කතාවක් (සිරස TV ටෙලිනාට්‍ය තේමා ගීතය)eeka dhiga kathaawak (sirasa tv telinaatya theemaa giithaya)

Eka Diga Kathawak (Sirasa Tv Drama Theme Song)

සංගීතය:
දුමල් වර්ණකුලසූරියdhumal warnakulasuuriya
පද රචනය:
සුපුන් රත්නායකsupun rathnaayaka

ගී පද

කිරුල නුඹ මගෙ නම් කඳුලු ඇයි මෙතරම් 
රත් කොපුල් මත හාදු තවරා ආදරෙන් 
ඔබට සමු දෙන්නම් ඔබෙන් සමු ගන්නම් 

සුසුම් ගංගා සොරොව් සිඳ දා 
ආදරේ දියබත් කරා 
සවන් සනසා වදන් වැපිරුනු     
දෙකන්නෙම අද ගොලු වෙලා 

මතක මංපෙත් කරා සිතෙහි ඇඳි රූ සේනා 
ඔබයි මියුලැසියේ සොඳුරු රුසිරු ලඳුනේ   

අනුන් සතු උයනක පිපී ඔබ 
මසිත සුවඳින් මත් කලා 
ලෝකයේ රුදු නෙත් වසා අපි 
පිහිනුවෙමු උඩුගම්බලා 

කඳුලු දොරකඩ තියා සතුට ගෙනදුන් සේයා    
ඔබයි මියුලැසියේ සොඳුරු රුසිරු ලඳුනේ 

කිරුල නුඹ මගෙ නම්....