ගී පද
එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ මට සිහි නෑ
සඳළුතලේ සිටියා බලා
ඔබ එනවා මග බලලා
දුරකථනේ මට පිහිට වුණේ
මී බිඳු මාගේ සවන පිරේ
එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ මට සිහි නෑ
කවදා කෙසේ එක්වෙමුදෝ
සිහින ලොවේ ළං වෙමුදෝ
රහසේ බැඳී ඒ අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ
එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ මට සිහි නෑ