එක් පෙති මලක්ek pethi malak

Ek Pethi Malak

ගී පද

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට
නෙලා නොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට

විශ්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දම නුඹ ගිය මග ගැන අරුම
සතු කරගන්න මුල් පෙම නොපිදූ බැවින
දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසට

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට.../

සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම්
ම වෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම්
මතකය නුඹට හිරිහැරයක් නොවේ නම්
තව කුමකටද දුක් ගී කල්පනාවන්

තව කුමකටද දුක් ගී කල්පනාවන්...///