එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් - eda tharam mage sitheedhaa tharam magee sithee raendunee naehae thawa dhawasak - eda tharam mage sithe

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් - eda tharam mage sithe

ගී පද

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් 
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් 
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් 
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් 

සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිට ගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද 
අක්කා අයියා නංගි මල්ලි මැද මගේ සිත ගොළු වුණාද 
දෙනෙත් වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද 

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් 
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් 
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් 

මුව කමලේ විසිතුරු දෙක ඔබ මා හට හිනැහුණාද 
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද 
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද 
සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද

එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් 
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් 
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්