ගී පද
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ..//
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
(එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ...//)