එදා ‍පෙම් බැන්ද ඔබමයි තව ඉන්නෙ මා ලයේedhaa pem baendha obamayi thawa inne maa layee

Eda Pem Banda Obamai Thawa Inne Ma Laye

ගී පද

එදා ‍පෙම් බැන්ද ඔබමයි
තව ඉන්නෙ මා ලයේ
‍මෙදා ‍පෙම් බැන්ද ඇයටත්
ඔබට ‍මෙන් ආද‍රේ

නිසලවී ‍නෙත් පියා .... ගියත් සැඟවී ඔයා
‍නෙ‍තේ කඳුලැල් තියා .... අදත් මතකයි ඔයා

‍නොයෙනා ගමන් ගිහින් ඔබ දුන්නු දුක් සුසුම්
‍මේ හිතට ආ‍යෙනම් විදිනු බෑ රත්තරං
පණ ‍සේ රකින්නම් පියුමක් ‍ලෙසින් මං
කලුදුල් ‍සෙ‍නේ තරම් ‍දෙයක් තව නෑ උතුම්

එදා ‍පෙම් බැන්ද ....

ඔබ ‍නොමැති ‍ලොකයේ හිටි‍‍යෙමං පාළු‍වේ
ඇවිත් සිත සැනසු‍වේ ඇය තමයි ඔබ ම‍ගේ
පැතුම් බිදිලා ගිහින් වින්‍දෙ දුක් මා සිතින්
නිමාකර ඒ සුසුම් ළංවූ ඇයමයි උතුම්

එදා ‍පෙම් බැන්ද ....

නිසලවී ‍නෙත් පියා .... ගියත් සැඟවී ඔයා
‍නෙ‍තේ කඳුලැල් තියා .... අදත් මතකයි ඔයා