ගී පද
එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා
ඉඟියෙන් කියූ පෙම් කතා
රැකගන්නවා මා මේ දෑස මෙන් සෑමදා
මගේ ජීවිතේ ඇති තුරා.....
පෙර අත් භවේ ආදරෙන් එකට අපි ඉන්නැති
ඒ නිසා මේ භවේ අපව හමුවෙන්නැති.....
ආයෙමත් ඉපදුනා වාගේ හිත කියනවා
ඔය දෑත ලැබුවොත් මෙමා
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවා
වචනෙන් නොකීවත් සදා......
ආදර මගේ පැවසූ මුල් දිනේ
ඔබේ සුදු මුහුණ රතු පැහැ කරන් කලබලේ
හීසර වගේ හිත පාරනු ඔබේ
වදනින් පසු බහින්නෑ ළඳේ කිසි දිනේ......
පෙර අත් භවේ......
හීනෙන් වගේ සතුටින් හිත මයේ
ගැයු ගී මියැසියට සමවෙලා තුන් පැයේ
ජීවිතේ ඔබේ මට හිමි වෙන දිනේ
වැඩි ඈතක නොවෙයි කියලා දැනුණා ඉබේ......
පෙර අත් භවේ......