ගී පද
ඒ වගේ දිනක් නෑ එන්නේ
ඈ කොහේ ළඳක් දෝ නෑ දන්නේ
පෑ රිදී සිනාකැන් ඒ දෑසේ
මා සිතින් මැකීලා යා නොවේ
වෑහිලා වැසී ඈ තෙමී තෙමී
වීදියේ සෙමින් ආ හැටි
සීතලේ වෙලී ඈ මුවා වෙවී
ඈ මුවේ සිනාවෙන් මා සැලේ
ඒ වගේ දිනක්....
යා යුතුයි සිතූ ඒ රියේ නැගී
මා ගියා සැනින් ඈ දමා
ඒ වෙලාවෙදී මා දිහා බලා
ඈ හෙලූ සිනාවෙන් මා දවයි
ඒ වගේ දිනක්....