දුටු දා ඉඳලාdhutu dhaa indalaa

Dutu Da Idala

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
අමිල ආර් නන්දසේනamila aar nandhaseena

ගී පද

දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
(මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල.....//)

බාල කාලේ හම්බවෙච්ච රෝස පෙම්බරි
දෑත අරන් ළඟම ඉන්න තාම නම් බැරි
ඈත පේනවද අපේ පාර නම් හරි
නොනිදා ඉන්න එපා හීන යාවී මගහැරි
දෙන්නාම එකම පන්තියේ 
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
(මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල.....//)

මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදරේ තරමටම විටින්න
ලොව නැත කිසිවක් මව්පිය සෙනෙහේ හැරෙන්න
ඔබයි රැජිණ වැටුණොත් මගේ හිසට ඔටුන්න
දෙන්නාම එකම පන්තියේ 
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
(මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල.....//)

දුටු දා ඉඳලා.......