දුෂ්මන්ත අහෝ කිමදෝdhushmantha ahoo kimadhoo

Dushmantha Aho Kimado

ගී පද

දුෂ්මන්ත.. අහෝ.. කිමදෝ...
අපරාදෙ.. මෙසේ.. කරනා...
දුෂ්මන්ත අහෝ කිමදෝ...
අපරාදෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා
දුෂ්මන්ත අහෝ කිමදෝ...
අපරාදෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා

අවිනීති බලේ පානා...
රජ කුලේ නිසා ලෝකේ..
අයියෝ....
ඔබගේම දුකින් හඬනා...
මේ සකුන්තලා නේදෝ..
මා පෙම්බර රාජානෝ...
නොමැතීද ලයේ කරුණා
දුෂ්මන්ත අහෝ කිමදෝ...
අපරාදෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා

මා තුරුලේ තබා නලවා...
පෙම් ගීත ගැයූ කාලේ..
අයියෝ....
සිහිවේවි හැලේ කඳුළු...
මා හර්දේ පැලීයාවී..
මායාවකි ලෝ ආලේ...
මොහොතේම සැපී මැරෙනා
දුෂ්මන්ත අහෝ කිමදෝ...
අපරාදෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා
දුෂ්මන්ත අහෝ කිමදෝ...
අපරාදෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා