ගී පද
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
කීව නිසා ඉවසන්න කියා මං
පමණ ගෙවා ඉවසන්න ඇති
හීන සොයා තව දුක් වින්දා මං
තාම ඔයා එය දන්නෙ නැති
හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
යන්න ඔයා වරදින්නේ නැති...//
දුරින් හිඳ මා…..
මැව්ව කතා පවසන්න එපා මං
බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්
ඔබව සොයා යළි එන්නේ නැති
දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...//
දුරින් හිඳ මා…..