දුරස් වී නෑdhuras wii nae

Duras Wee Na

සංගීතය:
රයන් මර්ලෝන්rayan marloon
පද රචනය:
රයන් මර්ලෝන්rayan marloon

ගී පද

දුරස් වී නෑ ප්‍රියේ මා ඔබේ ළඟයි 
ඇහෙනවද හඬ මගේ ආදරෙයි කියයි
හිනැහෙන්න එක සැරයක් නොහඬන් හදින්
බලන් සඳු මා දිහා මා ඔබේ ළඟයි.......

සඳු හා කතා කරන හැටි
තරු හා බැඳි ඔබෙන් යනු බෑ මිදි
අහසින් නැගෙන හඬ මා හට 
නොඇසී ඇසෙයි බලන් සුදු 
මා හද ඔබ ළඟ තවමත් රැඳි.....

ගියේ නෑ ප්‍රියේ ඔබගේ ලොවෙන්
ජීවිතේ සරදමින් අපි වෙන් කළේ
ඔබ හඬන හැම වෙලේ මා සිත දැවෙයි
හිනැහෙන්න එක සැරයක් මා ඔබේ ළඟයි......

දුරස් වී නෑ.....