දුර යන්න හිතුවාටdhura yanna hithuwaata

Dura Yanna Hithuwata

ගී පද

දුර යන්න සිතුවාට සැඟවි හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
(හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්...//)

අවුතැන් වෙලා ළැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
(අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්...//)

දුර යන්න සිතුවාට සැඟවි හොරෙන්....