දුර උන්නු කාලේdhura unnu kaalee

Dura Unnu Kale

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
සුසිකා චමීරsusikaa chamiira

ගී පද

දුර උන්නු කාලේ ඇවිදින් මා සොයා
හිමි නැද්ද ආලේ ඔබ හැරදා ගියා
වෙන් වුණාට හීනේ මා හදේ තියා
මට දෙන්නෙපා ඔබ මේ තරම් වේදනා
විඳවන්න බෑ මේ තරම් වේදනා.......

මහ මෙරක් තරම් හදේ සෝ සුසුම් කඩා වැටේ
මිරිඟුවක් නොවේවා මට හිමි ඔබේ ආදරේ
මුළු ජීවිතේ පුරා මා ඔබේ හෘදේ ඉඩ ඉල්ලා
වාවන්න බෑ මේ හැටි
මා ඔබේම වෙන්නම් පණ මෙන් රකින්නම්
(මාගේම නම් ඔබේ ආදරේ.....//)

පෙම් හැඟුම් කඩා වැටේ ගොස් තැවුල් අපේ ලොවේ
ජීවිතේ දිනේවා හිමි වුණොත් ඔබේ ආදරේ
මුළු ජීවිතේ පුරා මා ඔබේ හෘදේ ඉඩ ඉල්ලා
වාවන්න බෑ මේ හැටි
මා ඔබේම වෙන්නම් පණ මෙන් රකින්නම්
(මාගේම නම් ඔබේ ආදරේ.....//)

දුර උන්නු......