ගී පද
දුර ඈතක තොටිල්ල තුළ නුඹ නිදනා විට ඇවිදින්
අතට වඩා ගන්න බැරිද මං ආවේ හිතේ දුකින්
එදා දුවේ නුඹේ අම්මා සතුටු පිරුණු සෙනෙහෙකින්
මදෙස බැලුව ලෙස බලපන් නුඹත් දුවේ ඇහේ කොනින්
නුඹ අම්මා ළඟ තනිකර මා දුරු රට මුදල් වලට
මගේ හිතෙන් එය ගියේ නෑ අම්මා එය නොදන්නවට
බේබදු කම ඉස්මතු කර සතුටට මම දුක් වින්දට
පුංචි දුවේ නුඹ තනි නෑ මම ඉන්නව සතර අතට
මං අම්මට සැර කෙරුවා වැදගත් කම තියාගන්න
ඒ අම්මත් දුක් වින්දා නොලැබෙන සැප ලබා ගන්න
පුංචි දුවේ නුඹ ආවේ අපි දෙන්නා බැඳ තබන්න
ඒකයි නුඹ දුක් විඳින්නේ අපි දෙන්නගෙ පව් ගෙවන්න
දුර ඈත තොටිල්ලක ...