ගී පද
දුර ඈත තුරු වදුලේ
කටු අකුලේ පිපි නිදිකුම්බා මල් කැකුළ ඹබයි
මඳහස මුව මඬලේ
නෙතු සඟලේ නිති තනි රකිනා පිනි කඳුළ මමයි
මුළු සසර පුරා - සිසිලස තවරා
දිවි ගිමන නිවන මඳ පවන ඹබයි හද
හද විමන අරා - සෙනෙහස අතුරා
එහි නිබඳ රඳන මල් සුවඳ මමයි
ඇස කදුළු සලා - හිස ගිනි අවුලා
හිත නැගෙන බිදෙන දුක් සුසුම ඔබයි
නිති සිනා සලා - දිවි ගෙවෙන තුරා
ඹබ සිතන පතන පිළිසරණ මමයි