දුර ඈත සුළඟේදdhura aetha sulangeedha

Dura Atha Sulageda

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
වසන්ත කුමාර කොබවකwasantha kumaara kobawaka

ගී පද

දුර ඈත සුළඟේද පාවී හමන්නේ
උප නූපන් හැම වාරයේ
මුදු සීත සුවඳේද මුසු වී දැනෙන්නේ
සංසාර ආරණ්‍යයේ බිඟු ගායනා සුයාමේ
පෙර ඇසුරදෝ හැඟෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
මේ රම්‍ය මිටියාවතේ...

ප්‍රියයාණනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා
බොඳ මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්‍රාර්ථනා
තුරුවැල් විමානේ රැව් දෙන්නේ
මේ විහඟ ගී ගායනා...

ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ
සිහිලැල් නොවේ වස්සානයේ උණුහුම පිරේ පෙම් සිතේ
කවිකම් විලාසෙන් ලියවෙන්නේ
මේ සොඳුරු සංගායනා...

දුර ඈත සුළඟේද...