දුර ඈත දින සමනල් වීයේdhura aetha dhina samanal wiiyee

Dura Aatha Dina Samanal Wiye

ගී පද

දුර ඈත දින සමනල් වීයේ මා සසල කල යුවතී..
සිත් බැදි සෙනේ මා සිරකරන් මිතුදම අපේ පැවතී
ඔබ තරම් මසිතට සුවගෙනා තව කෙනෙක් නම් නොමැතී
අද ගිහින් ඈතට පියඹලා මා ජීවිතේ නැවතී...

අන්ධකාරේ මං මුලාවී පාවෙමින් ගෙවූ ජීවිතේ
අරුත් පුරවා දෙනෙත් පාදා ‍
ඈ ලංවුනේ නොසිතූ ලෙසේ..
උමතු වූ ආදරෙන් බැඳී ගෙවුනු දින අද සිහිනෙකි..
පෙර වැරදි මා සතු වෙන්නැති
දෙවියෙකු නොව මා මිනිසෙකි..
‍
මිතුරු කැල හැම සතුරු වී ඈ
මගෙන් උදුරාගත් හැ‍ටී..
මුළු දිවිය සැනකින් නතර වී
අදහනු නොහැකි සේ ඇදවැ‍ටී..

ඉර හඳ තරුත් ගස්වැල් විලුත් කලඹන්න මට සිතුණි..
නිලබල ඇතත් රජකම ලදත් දැන් මට කුමට ළදුනී..
පරම පිවිතුරු ආදරේ සසර දින පැවතී..
බිඳක්වත් නෑ අඩුවුනේ වැඩිවුනා පමණී...

ඔබ දුන්නු සතුටට වැඩි දුකක් මා
විඳින බැව් තනිවී..
ඔබ දන්නෙ නෑ එය දන්නවා නම්
යන්නෙ නෑ වෙන්වී...//