ගී පද
දුප්පත් පොසත් දෙකක් ඕනේ නෑ
භූමිය මත ලෝකේ
මේ රඟ භූමිය මත ලෝකේ
ගංගා ඇල දොළ සිඹ රුදු ගල් පර
ගලන්නේ මොනවාට
දුක් පීඩා ආ දා බිදු නංවන මේ අපගේ
පිපාසෙට
සම්පත් විද දනපතියා සැතපෙන
කල මහ මංදීරේ
කන්න බොන්න නැති අසරන දුගියා බඩගින්නේ
පාරේ.....
සෙවන දෙන්න සුව සේ ගස් කොලන් සැදේ...වී
පිහිට වෙන්න අහසේ දෙවි කෙනෙක් සිටි....වී
අන්ද කාර නම් රන්වන් ඒ පහන් දිලේ....වී
දුකින් ඉන්න මිනිහා වීරියෙන් හිනා.....වී
ඇත්ත සදාකල් පවතිනවාමයි නැහැ
පිටුපා යන්නේ.......
මේ බස ඉරනම ඉටුවේ අප හට
නැහැ නැහැ වරදින්නේ......
වස්තු ඇති ප් රබුන්ටා දෙන්නෙ සිත නොදෙන්..නේ
බෙදා දෙන මේ අපටා දෙන්න නෑ ලැබෙ...නේ
ආරාදනාවන් නැති නමුත් දෙවින්..දා
සාදරෙන් වඩින්නේ උපන් කල බිලින්...දා
හඩන්න දුක් වෙයි ඉන්පසු ලත වෙයි
ඒ කරුමයෙන් නොවේ.........
රුව සවු සම්පත් කෙනෙකුට පමනක්
දෙවියන් දීලා නොවේ