දුප්පත් පොහොසත්dhuppath pohosath

Duppath Pohosath

ගී පද

දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ
ගංගා ඇළ දොළ සිඹරුඳු ගල් පර ගලන්නෙ මොනවාට 
දුක් පීඩා දා බිඳු නංවන මේ අපගේ පිපාසෙට 
සම්පත් බිඳ ධනපතියා සැතපෙන කල මහා මන්දීරේ 
කන්න බොන්න \නැති අසරණ දුගියා බඩගින්නේ පාරේ 
දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ

සෙවණ දෙන්න සුවසේ ගස් කොලන් සැදේවී
පිහිට වෙන්න අහසේ දෙවි කෙනෙක් සිටීවි 
අන්දකාර නම් රන්වන් ඒ පහන් දිලේවි 
දුකින් ඉන්න මිනිහා වීරියෙන් හිනාවී 
ඇත්ත සදාකල් පවතිනවාමයි නැහැ පිටු පා යන්නේ 
මේ බස ඉරණම් මිතුරේ අප හට නැහැ නැහැ වරදින්නේ          

දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ

වස්තු ඇති ප්‍රභුන්ටා දෙන්න සිත නොදෙන්නේ 
බෙදා දෙන මේ අපටා දෙන්න නැහැ ලැබෙන්නේ  
ආරාධනාවන් නැති නමුත් දෙවින්දා 
සාදරෙන් වඩින්නේ උපන් කල බිළින්දා
අඬන්න දුක් වෙයි ඉන්පසු ලත වෙයි ඒ කරුමයෙන් නොවේ 
ලොව සවු සම්පත් කෙනෙකුට පමණක් දෙවියන් දීලා නොවේ

දුප්පත් පොහොසත් දෙකක් ඕනෙ නෑ 
භූමිය මත ලෝකේ මේ රඟ භූමිය මත ලෝකේ